රාජ්‍ය ආයතන ප්‍රධානි තනතුරු සුදුසුකම්ලත් අය පමණයි! රාජ්‍ය ආයතන ප්‍රධානීන් අසීමිතව ලැබූ වැටුප් පහළට!

December 11, 2019 at 9:20 am | by emanisa.lk

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම තනතුරුවලට මෙතෙක් ගෙවූ ඉහළ වැටුප් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතනවල සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ තනතුරු සඳහා මෙතෙක් සීමාව ඉක්මවා ඉහළ වැටුප් ගෙවා ඇති බව පෙනී ගොස් තිබේ.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම බොහෝ විට දේශපාලන හිතවත්කම් මත සිදු කෙරෙන අතර, එලෙස පත්වූ ඇතැම් නිලධාරීන්ට ඉහළ වැටුප් සහ වෙනත් දීමනා හිමිවී ඇති බව හෙළිවී ඇත.

මෙවැනි ඉහළ වැටුප් ලැබූ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනටමත් පියවර ගෙන ඇති අතර, ඒ අනුව ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයාගේ වැටුප රුපියල් 2,50,000 දක්වා අඩු කර ඇත.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට සුදුසුකම්ලත් පුද්ගලයින් පමණක් පත්කිරීමට නව ආණ්ඩුව තීරණය කර ඇති අතර, එම තනතුරුවලට පත් කෙරෙන පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කර ඇත. එම කමිටුවේ නිර්දේශය අනුව මේ වන විටත් රාජ්‍ය ආයතන කීපයක ප්‍රධානීන් පත්කරනු ලැබ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස