රාජ්‍ය සේවය බර වැඩියි කියන්නේ අයින් කරනවා කියන එක නෙමෙයි…! – ඇමති නලින්ද ජයතිස්ස….

December 31, 2024 at 2:53 pm | by emanisa.lk

රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“රැකියා කප්පාදුවකට යන්න බලාපොරොත්තුවක් නෑ. මොන විදියට බඳවා ගැනීම් සිදුකළත් ඒ අය රජයේ සේවයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ මත තමන්ගේ ජීවිතය සැලසුම් කරගෙන තියෙනවා. සමහරු බැංකු ණය අරන් ඇති, ජීවිතයට එකතු කරගෙන ඇති එවැනි කෙනෙකුගේ සාමාන්‍ය ජීවිතය අඬාල කරන්න අපි කටයුතු කරන්නේ නෑ.

ආර්ථික දුෂ්කරතා මත ඒ බඳවා ගැනීම් සිදුකර තිබෙන්නේ. නමුත් අපි රජයෙන් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. මහ ජනතාවට උපරිම සේවයක් ලබාදීමට රාජ්‍ය සේවය කළමනාකරණය කරනවා. රාජ්‍ය සේවය බර වැඩියි කියන්නේ අයින් කරනවා කියන එක නෙමෙයි. අපි බලනවා ඒ බර දරාගෙන උපරිම සේවයක් ගන්න.”

අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *