රාජ්‍ය සේවක ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම නැවතත්…! වන්දි ගෙවා ගෙදර යවන්න සූදානම්…!

June 4, 2022 at 10:40 am | by emanisa.lk

රාජ්‍ය සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය නැවත හඳුන්වා දී තිබේ. ඒ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් අවම කර ගැනීමේ පියවරක් වශයෙනි.

මේ අනුව වසර 10කට අඩු සහ වැඩි සේවා කාලයක් සහිත සේවකයින්ට විශ්‍රාම ගැනීම සඳහා වන්දි ලබා දීමේ ක්‍රමවේද දෙකක් හඳුන්වා දී තිබේ.

තාක්ෂණික නොවන සේවාවල නිරත රාජ්‍ය සේවකයින්ට මේ සඳහා අයඳුම් කළ හැකිය. මේ සඳහා අයඳුම් කළ හැක්කේ වසය අවු. 55 හෝ ඊට අඩු පිරිසට පමණි.

මේ වන විට රාජ්‍ය ආදායමින් 30%ක් පමණ රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීමට යෙදවීමට සිදුව ඇති අතර එය රටට මහත් බරක් බව ආර්ථික විශේෂඥ මතයයි.

අගමැති රනිල් වික්‍රමසිංහ 2016 වසරේ ද රාජ්‍ය සේවක ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *