රාජ්‍ය සේවක පඩි වැඩි කරන්නේ නෑ…! ප්‍රතිපාදන තවත් කප්පාදු කරනවා…!

May 27, 2022 at 2:37 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට අගමැතිවරයා තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒ්කකය පවසයි.

එම ඒකකය අවධාරණය කරන්නේ අගමැතිවරයා එවැනි තීරණයක් ප්‍රකාශ කර නොමැති බවයි.

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම නොව රාජ්‍ය ආයතනවල ප්‍රතිපාදන හැකිතරම් කප්පාදු කිරීමට සිදු තිබේ.

ඒ අනුව සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශ හැර සෙසු අමාත්‍යංශ සඳහා වෙන් කරන ප්‍රතිපාදන සැලකිය යුතු ප්‍රමාණයකින් කප්පාදු කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇති බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *