රාජ්‍ය සේවකයින් 40%ක් බොරුවට වැඩ කල් දමා ලක්ෂ ගණන් OT අරන්…!

January 3, 2023 at 12:11 pm | by emanisa.lk

රටේ ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයින් අතරින් ලක්ෂ 6ක් පමණ රාජකාරී වෙලාවෙන් අනතුරුව සිය රාජකාරී සිදුකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. එය ප්‍රතිශතයක් ලෙස 40%කි.

මෙලෙස වැඩ කල් දැමීමේ මූලික අරමුණ අතීකාල දීමනා ලබා ගැනීම වන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල මෙම තත්ත්වය බරපතළ ලෙස දැකගත හැකි බව ද සඳහන් කරයි.

කෙසේ වුව ද පසුගිය වසර අවසානයේ 25 000ක පමණ රාජ්‍ය සේවක පිරිසක් එකවර විශ්‍රාම ගැන්වීම නිසා ඉදිරියේ දී මෙලෙස වැඩ කල් දමමින් අතීකාල ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස