රාජ්‍ය සේවකයින්ට වගේ වර්ජනය කළා ම අපට පඩි නෑ..! ඒ නිසා කියන කියන වෙලාවට වර්ජනවලට යන්න අපට බෑ…! – බස් ගැමුණු…

April 28, 2022 at 12:35 pm | by emanisa.lk

අද දින 50%ක් පමණ බස් රථ ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

එසේ ම ලබන සතියේ පූර්ණ එක්දින වැඩ වර්ජනයක් කැඳවීමට තීන්දුවක් ගෙන ඇතැයි ද ඔහු සඳහන් කරයි.

තමන්ට හැමදාම වර්ජනය කළ නොහැකි බවත් පෞද්ගලික බස් හිමියන්ගේ ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටී ඇති බවත් ගැමුණු විජේරත්න පෙන්වා දෙයි.

රාජ්‍ය අංශය මෙන් නොව වර්ජනය නිසා පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටීමේ අවධානමකට මුහුණපා ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ දෙරණ Big Focus වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *