ජනාධිපති අනුර දිසානායක ඊයේ(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය වසර තිහක් තුළ ඉදිරිපත් වූ සාධනීයම අයවැය බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සඳහන් කරයි.
“මේ අයවැය රටේ ඓතිහාසික අයවැයක් බවට පත්වනවා නො අනුමානයි. නිෂ්පාදන ආර්ථිකය බිඳවැට්ට වූ දශක හය වෙනුවට ග්‍රාමීය දුප්පත්කම තුරන් කළ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන අයවැයක් අප ඉදිරිපත් කර තිබෙනවා.
මේ තත්ත්වය හමුවේ විපක්ෂය අද හොල්මන් වෙලා. අපේ සාර්ථක අයවැය දරාගන්න බැරි වීමට හේතුව කුහක කම මිසක් වෙනත් දෙයක් නොවේ.
මෑත ඉතිහාසයේ මෙතෙක් සිදු වූ වැඩිම වැටුප් වැඩි වීම රාජ්‍ය සේවකයා වෙත ලබා දී තිබෙනවා.වසර නවයකින් රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප වැඩි වී තිබුණේ නැහැ.”
ඔහු මේ බව කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීමේ විවාදය අමතමිනි.