රාජ්‍ය පාලනය වහාම මට භාරදෙනු..! ජනතා ප්‍රශ්න සඳහා විසඳුම් මා සතුයි..!

June 21, 2022 at 6:57 am | by emanisa.lk

තව දුරටත් රටත් ජනතාවත් අපහසුතාවට පත් නොකර රටේ පාලන වගකීම තමන්ට බාර දෙන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටී.

‘රට බේරාගැනීමේ සතිය’ ලෙස නම් කර ඇති විරෝධතා සතියක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියේය.

ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තමන් සතුව ඇති බවද පැවසූ ඔහු සමගි ජන බලවේගය ප්‍රමුඛ තාවකාලික සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සූදානම් බව ද පැවසීය.

එහිදී ජනතාවගේ මූලික අවශ්‍යතා ලබා දීමෙන් අනතුරුව කෙටි කාලයක් තුළ නව ජනවරමකට ගොස් අඛණ්ඩව වසර 5ක රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරන බව හෙතෙම කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *