රාජ්‍ය දේපළ මහ දවල් කොල්ලකති… මධ්‍යම පළාත් සභා වාහන 31ක් අතුරුදන්..!

September 18, 2024 at 9:42 am | by emanisa.lk

මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවලට අයත් වාහන 31ක් පිළිබඳ තොරතුරු අනාවරණය කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති 2023 විගණන වාර්තාවේ සඳහන් වේ.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතීන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මේ බව හෙළි වී ඇත.

එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින් භාවිත කරන බවට ද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොතිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ පිළිබඳ මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ තොරතුරු සොයාබලා වාර්තා කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *