රාජසභාව ඩෝසර් කළේ බොහොම කල්පනාවෙන්! ඕනෑම පරීක්ෂණයකට සූදානම්! – කුරුණෑගල නගරාධිපති

July 21, 2020 at 10:12 am | by emanisa.lk

කුරුණෑගල නගරයේ ඉදිකර තිබූ ඓතිහාසික රාජසභා ගොඩනැඟිල්ල ඉවත් කළ බවට විපක්ෂය නඟන අවලාද සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව පවසයි.

දැනටමත් මේ පිළිබඳව පරීක්ෂණ කීපයක් සිදු කෙරෙන බව තමාට දැන ගැනීමට ලැබුණු බවත් මෙම සිද්ධිය ගැන වගකිවයුත්තන්ට දැනුම් දුන් බවත් කී නගරාධිපතිවරයා මෙවැනි කටයුත්තකට නගර සභාව අතගැසුවේ ඉතා කල්පනාකාරීව බව ද කීවේය.

මෙම පරීක්ෂණවලින් සැබෑ තත්ත්වය හෙළි වන බව කී නගරාධිපතිවරයා තමා වැරදිකරුවකු වුවහොත් නීතිය මඟ හැර නොයන බව ද සඳහන් කළේය.

මෙම ගොඩනැඟිල්ල නගර සභාව මගින් කඩා දැමීම පිළිබඳව දැනට පරීක්ෂණ සිදුවන බැවින් ගොඩනැඟිල්ලේ ඉතිහාසය හෝ ඉන් එහා කිසිවක් හෙළි කිරීමට නොහැකි බව ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස