රාජපක්ෂ විරෝධී නම් අරලියගහ මැදුර වටකරනු…! -පාඨලීගෙන් සජිත්ට අභියෝගයක්…

April 27, 2022 at 8:53 am | by emanisa.lk

රාජපක්ෂ විරෝධය ප්‍රායෝගිකව ඔප්පු කරන ලෙස 43 වන සේනාංකයේ නීතීඥ ශිරාල් ලක්තිලක, සජිත් ප්‍රේමදාසට අභියෝග කරයි.

ලක්තිලක පවසන්නේ සජිත් ප්‍රේමදාසට මහනුවර සිට පාගමනින් කොල්ලුපිටියට පැමිණ අරලියගහ මන්දිරය වටලන ලෙස ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධිත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජික පිරිසක් විසින් අරලියගහ මන්දිර දොරටුව ගාලු පාර දෙසින් වටලා ඇති බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

43 වන සේනාංකය හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් මෑතක නිර්මාණය කළ සංවිධානයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *