රාජපක්ෂ පාලන කාලේ ඩොලර් බිලියන 45ක් රටින් පන්නලා..! ඒ සල්ලි තිබ්බා නම් අර්බුදයක් නෑ..! – වාසු…

June 22, 2022 at 12:03 pm | by emanisa.lk

2009-2016 කාලයේ ශ්‍රී ලංකාවේ සිට ඩොලර් බිලියන 45ක් අයථා ලෙස රටින් පිටව ඇතැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, global integrity report නම් ජාත්‍යන්තර වාර්තාවක් උපුටා දක්වමිනි.

මෙලෙස ජාවාරම්කාරයින් විසින් රටින් රැගෙන යන ඩොලර් ප්‍රමාණය නතර කරගත හැකි නම් කිසිදු ඩොලර් අර්බුදයක් මතු නොවන බවයි, වාසුදේව නානායක්කාර අවධරාරණය කළේ.

එහෙත් ජාවාරම්කාරයින්ට ඉඩ දෙමින් ආණ්ඩුවේ බලවතුන් ඒවායේ පංගුකාරයින් වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.

ඒ නිසා රටට අවංකව සේවය කරන විධායකයක් සහ විධායක සිය වගකීම ඉටු කරන්නේ දැයි සුපරික්ෂණයට ලක් කරන ක්‍රමවේදයක් අද අවශ්‍යව ඇති බව ද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *