රාජපක්ෂවරු මැයි 09 වෙනිදා පාඩමක් ඉගෙන ගෙන ඇතැයි සිතුව ද එය එසේ නොවන බවත් තවමත් ආණ්ඩුවේ බහුතරය පාලනය කරමින් රාජ්‍ය පාලනයට මැදිහත් වන්නට ඔවුන් උත්සාහ කරන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
රාජපක්ෂ පවුල ඉවත් නොවී සාමුහික පාලනය ක්‍රමවේදයක් වෙත නොයා රට ස්ථාවර කළ නොහැකි බවයි, හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර සහය නොලැබේ නම් ආර්ථික වර්ධනය අමතක කර ආර්ථිකය 25%කින් සංකෝචනය කර ඉදිරියට යා යුතු බව ද ඔහු අවධාරණය කරයි.
තමන්ගේ ආණ්ඩුවයක් යටතේ පැය 48න් සියලු ගැටලු විසඳන බව පැවසීම, මිතුරු රටවලින් තෙල් දෙන බව පැවසීම හුදෙක් කතා මිස ප්‍රායෝගික ලෝකයේ ක්‍රියාත්මක කළ නොහැකි දේ බව ද පාඨලී රණවක සඳහන් කරයි.
https://www.youtube.com/watch?v=i7H-taODOV0