විවිධ අය තම පවුල තුළ අර්බුද සෑදීමට උත්සාහ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
එහෙත් එසේ තම පවුල තුළ අර්බුද සෑදිය නොහැකි බව ද හෙතෙම කියා සිටියේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ තමන්ට කිසිම අවස්ථාවක බලපෑමක් කර නැති බව පැවසූ ඔහු ඔවුන් තමන්ට ශක්තියක් බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (12) පැවැති හමුවක දී ය.