රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ප්‍රේමදාස ආර්යාව රට පුරා යයි! (photos)

November 7, 2019 at 5:45 pm | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ආර්යාව වන ජලනි ප්‍රේමදාස මේ වන විට සිය සක්‍රීය ලෙස දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන බව වාර්තා වෙයි.

පසුගිය සමයේ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙන්ම තිරිකුණාමලය සහ යාපනේ කාන්තා සමුළු දෙකකට ද ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ ප්‍රේදාස ආර්යාවය.

මෙහි දැක්වෙන්නේ ප්‍රේමදාස ආර්යාව යාපනේ සංචාරය කළ අවස්ථාවේ ලබා ගන්නා ලද ඡායාරූප කිහිපයකි. මෙම කටයුතු සඳහා ප්‍රභූ ආරක්ෂකයන් ද ලබා දී ඇති ආකාරය දැකිය හැකිය.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස පවසන්නේ සිය පවුලේ කිසිවකු රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ කර නොගන්නා බවය.

කෙසේ වුවද ඔහුගේ සොහොයුරිය වන දුලාංජලි ප්‍රේමදාස මාධ්‍ය ආයතනවලට බලපෑම් කරන බවට චෝදනා නැඟෙයි.

ප්‍රේමදාස ආර්යාව ඇමතිවරයාගේ අමාත්‍යංශයට පැමිණ ඇමතිවරයාගේ අසුනේ වාඩි වී සාකච්ඡා මෙහෙය වන ඡායාරූප ද පසුගිය සමයේ සමාජ මාධ්‍යවල දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස