රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව හිටපු නායකයෙක්ගේ පුතෙක් ගේනවා…! – වෙල්ගම…

August 3, 2021 at 11:03 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පවුලක දැන උගත් නායකයෙකු ඉදිරියේ දී සිය සන්ධානය ඔස්සේ රටට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

වර්තමානයේ රාජපක්ෂ පවුල විසින් රට පාලනය කරන බවත් වෙනත් කිසිවෙකුට එහි මතු වීමට ඉඩක් නොමැති බවත් වෙල්ගම සඳහන් කරයි.

රාජපක්ෂ පවුල් පාලනය වැරදි වුව ද හිටපු හොඳ නායකයෙකුගේ පරපුරේ තරුණයෙකු දේශපාලනයට ගෙන ඒමේ වරදක් නැති බවත් කුමාර වෙල්ගම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්න සුදුසු එක ම පුද්ගලයා තමන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *