රාජපක්ෂ පවුලේ රාජ යෝග පැවතියේ මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට බව ප්‍රකට ජෝතිෂවේදී කේ.ඒ.යූ. සරච්චන්ද පවසයි.
2022 අප්‍රේල් මාසයට පෙර ආණ්ඩුවට නියත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බව ග්‍රහචාරය අනුව පෙනී යන බව ද ඔහු අවධාරණය කරයි.
ඉදිරියේ දී සිදුවන සෙනසුරු සහ ගුරු මාරුව හේතුවෙන් නොවැම්බර් 20 වෙනිදාට පසු රට තුළ නව දේශපාලන බලවේගයක් පෙරට එන බව කී හෙතෙම එම ජනතා බලවේගය ඉදිරියේදී මෙරට පාලනය බලය ලබා ගන්නා බවද සඳහන් කරයි.