රාජපක්ෂලා සිංහල බෞද්ධයා රකින්න කළ දෙයක් නෑ…! මට V8 රථය පූජා කළේ ඇමරිකාවේ බෞද්ධයෙක්…!

June 12, 2021 at 2:41 pm | by emanisa.lk

2005 සිට රාජපක්ෂ ආණ්ඩු පැවැතිය ද මෙතෙක් සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව සඳහා පාර්ලිමේන්තුවේ එක පනතක් සම්මත කර නොමැති බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

සිංහල බෞද්ධයාගේ යහපත උදෙසා අවුරුදු 20ක් පමණ හඬ නැඟුව ද තමන්ට ජනාධිපති උපදේශක සභාවක පවා නියෝජනයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළ බව ද ඥානසාර හිමි සඳහන් කරයි.

තමන්ට පාර්ලිමේන්තු යාමට අවශ්‍ය එහි ඇති භාෂණයේ වරප්‍රසාදය භාවිත කරමින් සිංහල බෞද්ධයා සහ රට හමුවේ ඇති අනතුරු පිළිබඳ කතා කිරීමට බව ද එහිමියෝ පෙන්වා දෙති.

වාහන බලපත් වැනි වෙනත් කිසිදු වරප්‍රසාදයක් තමන්ට උවමනා නැති බවත් ඇමරිකාවේ සිටින ලාංකික බෞද්ධයෙක් නවීන රථයක් මිල දී ගැනීමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් ලබා දුන් බවත් ඥානසාර හිමි හෙළි කළේ ය.

අතුරලියේ රතන හිමි පූර්ව එකඟතාව අනුව කටයුතු කරමින් වහා ම සිය පක්ෂයේ අසුන තමන් වෙත ලබා දිය යුතු බවත් සඳහන් කරයි.

එහෙත් ආණ්ඩුව තමන් වහන්සේගේ පාර්ලිමේන්තු පැමිණීමට එරෙහිව ක්‍රියා කරන බවට ද ඥානසාර හිමි චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස