සමගි ජනබලවේගය ගෙන ආ අංග සම්පූර්ණ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටින අතර, රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා, මේ බව පැවසුවේ සමගි ජනබලවේගයේ ගම්පහ, ගාල්ල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමග පැවැති ඊයේ (29) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති වැඩසටහනකදී ය.
විධායකය අහෝසි කරන පළමු පියවර සදහා කටයුතු කළයුතු අවස්ථාවක සමහර අවස්ථාවාදීන් රාජපක්ෂලා රකින්නට කටයුතු කරන බව කී විපක්ෂ නායකවරයා, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ අංග සම්පූර්ණ 21 වන සංශෝධනයට එරෙහි කුමන්ත්‍රණ සහ දියාරු කිරීම් වහාම ආපසු හැරවිය යුතු යැයිද කීය.
රටේ අරමුණ සහ ඉල්ලීම රාජපක්ෂලා ගෙදර යැවීම බව කී විපක්ෂ නායකවරයා ලුම්පත් කල්ලියක අරමුණ වන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීම බවද පැවසීය.