රාජපක්ෂලා යළි බලයට එනවා! ඇමරිකාව ලංකාවේ ජනමතයට ගරු කරන්න සූදානම් වනු! – ඇමරිකානු බුද්ධ මණ්ඩල වාර්තාවක් හෙළි කරයි….

April 6, 2019 at 10:32 pm | by admin

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක් ලැබී ඇති බවත් ලංකාවේ ජනපතිවරණයට දැවැන්ත අවදානමක් පවතින බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව කීය.

“ඇමරිකාවේ හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන ඉතා බලගතු බුද්ධිමණ්ඩලය පර්යේෂණ වාර්තාවක් ශ්‍රි ලංකාව ගැන නිකුත් කරනවා 2019 මාර්තු මාසයේ. මේ වාර්තාවේ වැදගත් කම තේරුම් ගන්න නම් මෙම ආයතනය කුමක්ද කියන එක ගැන අපි නිවැරදිව තේරුම් ගන්න ඕනෑ. හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන්නේ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමට වඩාත් බලපාන බලගතු බුද්ධි මණ්ඩලයක්. නැතිනම් තින්ක් ටෑන්ක් එකක්. රොනල්ඩ් රේගන් ජනාධිපති කාලයේ මේ ආයතනය තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට වඩාත්ම බලපෑම් කළ හැකි ආයතනය. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලය සකස් කළ Global Think Tank Index අනුව හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආණ්ඩුවට බලපෑම් කිරීම අතින් ලොව 12 වන ස්ථානයේත් ඇමෙරිකාවේ පස්වන ස්ථානයේත් ඉන්නවා.

හෙරිටේජ් ෆවුන්ඩේෂන් හි ජෙෆ් ස්මිත් 2019 මාරතු 14 දින Sri Lanka : A Test Case for the Free and Open Indo – Pacific Strategy නමින් පර්යේෂණ වාරතාවක් නිකුත් කරනවා. ලංකාවේ උපාය මාරගික වැදගත්කමත් 2015 නව ආණ්ඩුව බලයට පැමිණීමේ සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ලැබූ ජයග්‍රහණත් ඒ වාරතාවේ අඩංගු වෙනවා.

ඒ වාරතාවේ 14 පිටුවේ මෙහෙම සඳහන් වෙනවා. රාජපක්ෂ සංධානය යළි බලයට එනවා. අවංකවම ඒ අය ලංකාවේ හරිම ජනප්‍රියයි. ඇමෙරිකාව එක්තරා සීමාවකට ලංකාවේ ජනමතයට ගරු කරන්න සූදානම් විය යුතුයි. ඇමෙරිකාව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා ද? ජනතාවගේ මතයට ගරු කරනවා ද? ඔව්. නමුත් එක්තරා සීමාවකට විතරයි. ඒ සීමාව තීරණය කරන්නේ ඇමෙරිකාවම තමයි. ජනාධිපතිවරණයක් කට ලඟ තබා ගෙන බලගතු ඇමෙරිකානු බුද්ධි මණ්ඩලයක් කියන කතාව සුළුවෙන් තකන්න එපා. ලංකාවේ ජනමතය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ ඇමෙරිකාව කැමති සීමාව දක්වා විතරයි. ඇමෙරිකාව කැමැති සීමාව කියන්නේ ඇමෙරිකාවට වාසි සීමාව.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *