රාජපක්ෂලා යන යන තැන හූ තබා පන්නා දැමිය යුතුයි…! – දයාසිරි…

November 21, 2022 at 9:17 am | by emanisa.lk

මේ රට බංකොලොත් කොට විනාශ කළේ උද්දච්ච රාජපක්ෂ පවුල බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

හිටපු ඇමැතිවරයා පවසන්නේ, රාජපක්ෂලා ඡන්දයකින් පන්නා දැමීම ප්‍රමාණවත් නොවන බවත් ඔවුන්ට එරෙහිව නඩු පවරා අධිකරණයක් මගින් දඬුවම් දිය යුතු බවත්ය.

බැසිල් රාජපක්ෂ යළි රටට පැමිණ අළු මතින් නැගිටීමට හදන බවත් ජනතාව එක්ව මේ පිරිසට යන යන තැන හූ තබා රටෙනුත් එළවා දැමිය යුතු බවත් දයාසිරි ජයසේකර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *