රාජපක්ෂලා යටතේ ග්‍රීසියයක් වෙමින් තිබූ ලංකාවේ විශාලතම ආයෝජන කලාපය අපි මාර්තු 04 විවෘත කරනවා! – අගමැති

February 9, 2019 at 7:10 am | by admin

අක්කර 800ක් විශාල ලංකාවේ මෙතෙක් ඉදිවූ විශාලම ආයෝජන ප්‍රවර්ධන කලාපය වයඹ පළාතේ, බිංගිරිය ප්‍රදේශයේ ඉදිකර අවසන් බවත් එලැබෙන මාර්තු මස 04 දින එය නිල වශයෙන් විවෘත කර රටේ ආර්ථිකයට එක්කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (8) කුරුණෑගල රන්තාලිය වැව වටා ඉදිකළ ඇවිදින මං තීරුව විවෘත කිරී මේ අවස්ථාවට එක්වෙමිනි. කෘෂිකාර්මාන්තයට නව තාක්ෂණය ලබාදී අපනයනය ශක්තිමත් කර 2030 වන විට තිරසර සංවර්ධනය සහ ණය ගෙවා අවසන් කිරීම යන අභියෝග දෙක ජයගතහැකි බව වික්‍රමසිංහ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ගත් ණය ගෙවීම වත්මන් යහපාලන රජයෙන් ආරම්භ කර ඇති බවත් එම ණය ගෙවීම සදහා අපනයන ආර්ථිකයක් ගොඩනැගීමට වයඹ පළාත තෝරාගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල නගරයට විශාල අඩුපාඩුවක්ව පවතින අංග සම්පූර්ණ සංචාරක හෝටල් පද්ධතියක අවශ්‍යතාව වත්මන් රජය හඳුනාගෙන ඇති බවත් කුරුණෑගල ප්‍රදේශයේ සංචාරක හෝටල් පද්ධතියක් ඉදිවීම මගින් ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදියහැකි බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය ආණ්ඩුව විසින් ලබාගෙන තිබෙන අත්තනෝමතික ණය නිසා රට ජාත්‍යන්තරය ඉදිරියේ කොන්වීමට තිබූ බවත් 2015 බලයට පැමිණි වත්මන් රජය මගින් එය නිසිලෙස කළමනාකරණය කළ බව පැවසූ අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ ග්‍රීසිය වැනි රටවල් ද එසේ අත්තනෝමතික ලෙස විදෙස් ණය ගැනීම නිසා එම රටවල ආර්ථිකය කඩාවැටී ජනතාව විශාල ප්‍රමාණයක් බෙහෙත් නැතිව පමණක් ජීවිතක්ෂයට පත්වූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *