රාජපක්ෂ පිළිලය තිබෙන තුරු සැරියුත් මුගලන් අගසව් දෙනම සමග බුදුන් වැඩියත් රට ගොඩගත නොහැකි බව සමගි ජන බලවේග මන්ත්රී නලීන් බණ්ඩාර පවසයි.
රාජපක්ෂ ආණ්ඩුව සුනාමියටත් වඩා විනාශයක් රටට කළ බවයි, මන්ත්රීවරයා ප්රකාශ කළේ.
සමාජ නැඟිටීමක් සිදුවන බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබූ බවත් රනිල් වික්රමසිංහ අගමැති වන්නේ රාජපක්ෂවරුන්ට පහසුවෙන් පිටවීමේ දොරටුවක් නිර්මාණය කර ගැනීමට බවත් නලීන් බණ්ඩාර වැඩි දුරටත් අනාවරණය කළේ ය.