රාජපක්ෂලාගේ ආශීර්වාදය ලැබෙන කාටවත් මගේ සහාය නෑ…! – පාඨලී…

July 28, 2024 at 11:14 am | by emanisa.lk

රාජපක්ෂලාගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ඉදිරියේ දී ප්‍රකාශ කරන බව ද ඔහු කීය.

“පොහොට්ටුව කියන්නේ පොහොට්ටුවේ සාමාජිකයෝ නෙවෙයි. රාජපක්ෂ පවුලයි. මොකද රාජපක්ෂ පවුල රට බංකොලොත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරුවන් කරලා තියෙනවා.”

කඩුවෙල, වඳුරඹ මුල්ල, බුරුම විහාරස්ථානයේ ජන හමුවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වමින් රණවක මහතා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *