රාජපක්ෂලට එරහිව ගේම ගහන්න රනිල්-සජිත් එකතුව අනිවාර්යයි…! – නවීන්…

June 25, 2021 at 7:58 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම එකතු කරන බව එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක පවසයි.

ආණ්ඩුව පෙරළන්න නම් එක තැනකට පැමිණිය යුතු බවත් බෙදී සිට රාජපක්ෂලාට එරෙහිව ගේම් ගසන්නට බැරි බවත් නවීන් දිසානායක අවධාරණය කරයි.

ආණ්ඩුව යන මාර්ගය ගැන කලකිරුණු වෙනසක් බලාපොරොත්තු වන ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් තමා සමඟත් කතා කරන බව කී හෙතෙම “මහින්ද මහත්තයා” ඉන්නෙත් සතුටින් නොවන බව ද කීය.

ආණ්ඩුවට දුර ගමනක් නැති අතර කොහෙන් හෝ පිපිරීමක් වන බව කී නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂයට ඉතිරි වී තිබෙන්නේ පොඩි “ලයිට් එකක්” පත්තු කරන්න විතරක් බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *