රාජපක්ෂලගේ සුදු අලි යොදා ගෙන අපි හම්බන්තොට ආර්ථික කේන්ද්‍රස්ථානයක් කරනවා! – හම්බන්තොට තෙල් පිරිපහදුවට මුල්ගල තබමින් අගමැති කියයි…

March 25, 2019 at 7:51 am | by admin

රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (24) දින හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

“එක් තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් සංවර්ධන පදනමක් සැකසී ඇති බවත් තම උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව බවත් ඔහු සඳහන් කළේය.

2015 දී මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපි හම්බන්තොටට පැමිණෙන විට මෙහි වරාය හිස් වරායක් ලෙසයි තිබුණේ. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළේ ගුවන් යානා වෙනුවට සිටියේ මොනරුන් පමණයි. ක්‍රිකට් ක්‍රීඩා නොමැති ක්‍රිකට් ක්‍රීඩාංගණ, සම්මන්ත්‍රණ නොමැති සම්මන්ත්‍රණ ශාලා, අඩක් ඉදිකර නතර කරන ලද මහා මාර්ග ආදී සුදු අලින් විශාල ප්‍රමාණයක් හම්බන්තොට ඉදිකර තිබුණා. වල් අලින් යාල වනෝද්‍යානයේ සිටින විට සුදු අලින් සිටියේ හම්බන්තොටයි.

එදා මෙහි පැමිණි අවස්ථාවේ හම්බන්තොට වරාය වැඩකරන වරායක් බවට පත් කරන බවත්, නැව් වලින් පුරෝන බවත් අපි පැවසුවත් ඔවුන් ඊට සමච්චලයට මෙන් සිනාසුණා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස