රාජපක්ෂලගෙන් හම්බ කරගෙනත් නෑ…! රාජපක්ෂලට ණයත් නෑ…! – දිලිත්…

October 3, 2021 at 11:37 pm | by emanisa.lk

තමා කිසිදු රාජපක්ෂවරයෙකුගේ උපකාරයෙන් කිසිදු ධනයක් උපයා නොමැති බව ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර පවසයි.

එහෙයින් කිසිදු රාජපක්ෂවරයෙකුට තමා ණය නොමැති බවත් ඔහු සඳහන් කරයි.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර රටට සිදුකළ සේවය දැන් හොඳට ම ප්‍රමාණවත් යැයි ද පසුගියදා දිලිත් පවසා තිබිණි.

දෙරණ මාධ්‍ය ජාලය ඇතුළු ව්‍යාපාර ගණනාවක හිමිකරු වන දිලිත් ජයවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙස සැලකිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *