රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය පිටුපස ඇමති මංගල! ජාවාරම්කාරයෝ ඉන්නේ මංගලගේ ඔඩොක්කුවේ! 

February 7, 2019 at 5:49 pm | by admin

ඩුබායි නගරයේ මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට පත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය හිමි පුද්ගලයාට එය ලැබුණේ කුමන ඇමතිවරයාගේ නිර්දේශය මත ද යන්න වහාම මේ රටේ ජනතාවට හෙළිදරව් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

එවැනි රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර රජයේ මැදිහත්වීමක් නොමැතිව නිකුත් නොකරන බවත් තමන්ට දැන ගැනීමට ඇති තොරතුරු අනුව මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයාගේ මාර්ගයෙන් මෙම රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය නිකුත් කර ඇතැයි ද ඔහු පවසයි.

මේ අනුව අපේ රටේ මත්කුඩු ජාවාරම මෙහෙය වන පිරිස සිටින්නේ මුදල් ඇමතිවරයාගේ ඔඩොක්කුවේ බව තහවුරු වන්නේ යැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *