ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධවී පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පොහොර හිගය හෝ වෙනයම් හේතු පදනම් කරගෙන යල කන්නයේ වගාව අත් නොහරින ලෙස ජනාධිපතිවරයා සියලු ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.
පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථකවී ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් සමඟ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (30)පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.