රසායනික පෝර දිලා කාබනික කියල, ජනතාව රවට්ටන්න එපා…! පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු නම් ඒක රසායනික පෝරක්…!

October 14, 2021 at 9:59 pm | by emanisa.lk

පොටෑසියම් ක්ලෝරයිඩ්වලින් කාබනික පොහොර හැදූ රටක් ලෙස ලංකාව ගිනස් වාර්ත අතරට එක් වන බව සමගි ජනබලවේග මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

කාබනික පොහොර සත්ව හෝ ශාක කොටස්වලින් හදන බවත් පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු නම් එය රසායනික පොහොරක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මෙවැනි බොරු කර රටේ ජනතාව නොරවටන ලෙස ද හර්ෂණ රාජකරුණා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වුව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් පසෙන් ලබා ගන්නා ස්වාභාවික සංඝටකයක් බවය. ස්වාභාවික ඛණිජ වර්ග ද කාබනික ගොවිතැන සඳහා යොදාගත හැකි බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා පාංශු විද්‍යා මහාචාර්ය ජී.වී. යාපා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස