රසායනික පොහොර වල් නාශක කෘමිනාශක ගොවියාට ලබා දීම මගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි…! – සජිත්..

January 6, 2022 at 8:06 am | by emanisa.lk

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ප්‍රතිපත්තිය රසායනික පොහොර, වල්නාශක සහ කෘමිනාශක ගොවි ජනතාවට ලබා දීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තම ආණ්ඩුවක් යටතේ ගොවි ජනතාවට සාධාරණ මිලකට රසායනික පොහොර, වල්නාශක සහ කෘමිනාශක ලබා දෙන බව ද කිසිවෙකු පොහොර ඉල්ලා සිටිය යුතු නැති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

මේ වන විට රසායනික පොහොර කොට්ටයක් රු. 25 000-30 000ක මිලකට අලෙවි වන බවත් මෙය ශාපයක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ, තිරිකුණාමල විලයාන්කුලම කුඹුරුයායේ පැවැති ගොවි විරෝධතාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *