රසායනික පොහොර නැවත ලැබෙන තුරු අපි අරගල කරනවා…! – හිටපු හෙළ උරුම මන්ත්‍රිනී….

July 25, 2021 at 1:20 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව රසායනික පොහොර තහනම් කළේ කිසිසේත් සද්භාවයෙන් නොවන බව යුක්තියේ කාන්තාවෝ සංවිධානය පවසයි.

ආණ්ඩුවට පොහොර ගෙන ඒමට ඩොලර් නැති නිසා මෙම පොහොර තහනම ක්‍රියාත්මක කර ඇතැයි එම සංවිධානයේ නිරෝෂා අතුකෝරළ පවසයි.

එහෙයින් නිසි ප්‍රමිතියකින් යුතු රසායනික පොහොර ලබා ගැනීම වෙනුවෙන් තමන් අරගල කරන බව ඇය අවධාරණය කළා ය.

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරියක වන නිරෝෂා අතුකෝරළ පසුගිය දා පාඨලී චම්පික රණවක සමඟ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූවා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *