රසායනික පොහොර තහනම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කරන කුමන්ත්‍රණයක්….! – ඇමැති දයාසිරි ජයසේකර….

June 27, 2021 at 8:45 pm | by emanisa.lk

රසායනික පොහොර තහනම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙරට දේශීය සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ඉදිරියේ දී තව දුරටත් සහල් හිගය උග්‍ර වනු ඇති බවත් මේ හරහා විදේශයෙන් සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මෙමඟින් මෙරට සහල් ස්වයංපෝෂිත තත්ත්වය බිඳ වැටෙන බවද කියා සිටියේය.

මේ හරහා සිදුවන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ වැඩපිළිවෙළක් බව පෙනී යන්නේ යැයි ද ඔහු පෙන්වා දෙයි.

කාබනික පොහොර ව්‍යාපෘතියට විරුද්ධත්වයක් පල නොකරන නමුත් එය එක්වරම නොව ක්‍රමානුකූලව කළ යුතුව තිබූ දෙයක් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *