රසායනික පොහොර තහනම අතිශය දූරදර්ශී තීන්දුවක්….! රජය එය කිසි විටක ආපසු හැරවිය යුතු නෑ,…! – ඕමල්පේ සෝභිත හිමි

July 31, 2021 at 1:06 pm | by emanisa.lk

රසායනික පොහොර තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීන්දුව කිසි විටෙක අත්නොහල යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

“කාබනික පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය අතිශය දූරදර්ශීයි. අතිශයින්ම ප්‍රයෝජනවත් සංවර්ධනාත්මක කටයුත්තක් කියන දේට කිසිදු සැකයක් නෑ. ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන තියෙන බව ඇත්ත. නමුත් ලැබුණ ප්‍රථම අවස්ථාවේ දීම රටේ අනාගතය ගැන සිතන අය හැටියට මේ යෝජනාවට අනුබල දිය යුතුයි. මේ යෝජනාව සක්‍රීය කරගත යුතුයි.

එකම ප්‍රශ්නයක් තියෙනවා. පොහොර හිඟයක්. පොහොර හිඟය සම්බන්ධයෙනුත් රජය දන්වා සිටින පරිදි ප්‍රමාණවත් පොහොර රටේ තියෙනවා. හැබැයි ඒ ඒ පුද්ගලයෝ ඒක හංගා ගෙන විවිධ ව්‍යාපාර සඳහා කූඨ උපාය මාර්ග යොදමින් පොහොර හංගාගෙන ඉන්න වැඩසටහනක් ගැන කියවෙනවා.

එහෙම නම් රජය කළ යුත්තේ වහාම අත්‍යාවශ්‍ය නම් ආරක්ෂක හමුදා බලය යොදා ගෙන පොහොර සඟවා තිබෙන තැන් වහාම වැටලීම් කරලා ඒ පොහොර එළියට අරන් ගොවි ජනතාව අතර සාධාරණ ලෙස බෙදා දීමයි. කාබනික පොහොර සම්බන්ධයෙන් මේ ගත්ත ඉදිරි පියවර වෙනස් නොවිය යුතුයි.”

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕමල්පේ සෝභිත හිමි මේ බව කියාසිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *