රසායනික පොහොර තහනම් කළේ ආණ්ඩුවට ඩොලර් නැති නිසයි…! බීජ වෙළෙඳපොළට අත නොතබා පොහොර තහනම විකාරයක්….! – දුමින්ද නාගමුව…

June 7, 2021 at 7:42 am | by emanisa.lk

කිසිම ක‍්‍රමානුකූල වැඩපිළිවෙළකින් තොරව ආණ්ඩුව රසායනික පොහොර තහනම් කළේ රටේ ඩොලර් හිඟයට පිළියමක් ලෙස යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

එම පක්ෂයේ නුගේගොඩ පිහිටි කාර්යාලයේ දී ඊයේ (6) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය.

බීජ වෙළෙඳපොළට අත නොතියා කාබනික පොහොර යොදා වගාවන් කිරීමට යෑම නිෂ්ඵල ක‍්‍රියාවක් යැයි ද හෙතෙම පැවසීය.

“අපි කියන්නේ රසායනික පොහොරවලින් වගා කිරීම පවත්වා ගෙන යායුතුයි කියලා නෙවෙයි. මේ දෙක අතර සංවාදයක් ඇතිකර මොකක්ද අප අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්තිය කියා තීරණය කළ යුතුයි කියායි.

කාබනික පොහොරවලට යනවා නම් අංක එකට අතතියන්න ඕනෑ බීජ වෙළෙඳපොළයි. මේ බීජම තියෙද්දී මේකට ‘අහවල් පොහොර‘ ගහන්න කියනවා නම් ඒක විකාර කතාවක්. මොකද බීජත් එක්ක පොහොර, කෘමිනාශක, පළිබෝධනාශක බැඳිලා තියනවා.

ගමේ ගොවියෝ කියනවා මේ බීජවලට මේ පොහොර ගහලා වැඩක් නෑ කියලා. ගොවියාට වැටහෙන සරල සත්‍ය ආණ්ඩුවේ ඉහළ පුටුවල ඉන්න අයට නොවැටහීම කනගාටුවක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *