රසායනික පොහොර තහනම් කරල, රට කාබනික ගොවිතැනට යොමු කිරීම ජනපති මේ ආත්මයේ කළ ලොකුම පිංකමයි…!

July 2, 2021 at 3:26 pm | by emanisa.lk

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් සම්පූර්ණ කාබනික වගාවට යොමුවීමට තීරණය කිරීම ජනාධිපති ගෝඨාභය මේ ආත්මයේ සිදුකළ විශාලතම පුණ්‍ය කර්මය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.

“පොහොර කතාවේ කඳුළු කතාව ගැන ගොඩාක් තැන්වල කතා කෙරෙනවා අඩුයි. සීමාසහිත ජේවීපී පුද්ගලික සමාගම, සීමාසහිත එස්ජේබී සමාගම මේ වෙලාවෙ ඉතාමත්ම කනගාටුවෙන් යුතුව මට කියන්න සිද්ධ වෙනවා කෘෂි රසායන වස විස වෙනුවෙන් පෙනී සිටින ඒ කෘෂි රසායන සමාගම්වල කොටස්කාරයෝ, එහෙම නැත්නම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වගේ තමයි කතා කරන්නෙ.

ගොවියෝ ගැන කතා කරනවා වගේ ම ගොවියොන්ගේ දුක බලනවා වගේ ම මිලියන 20ක පාරිභෝගික ජනතාවක්, පුංචි දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා ඒ සියලු දෙනා ගැනත් බලන්න ඕනෙ. මේ ගැටළුව විසඳාගැනීමට රජය දැවැන්ත පියවරක් අරන් තියෙනවා. ඔබට මතක ඇති යුද්ධ කාලෙත් අලිමංකඩ පාමංකඩ කියලා අපහාස කළේ මේ අයම තමයි.

ගොවියන්ව දැනුම්වත් කරලා මීට යොමුකරලා අපි අභියෝගය ජයගම්මු කියන එක වෙනුවට අද ඉතාමත්ම පහත් විදියට තමන්ගෙ පක්ෂවල නාම පුවරු ඇඳලා දීලා – මේ අහිංසක ගොවියො, පැස්ටල් කූරක්වත් ඒ ගම්වල නෑ, හැබැයි ලස්සනට ප්‍රින්ට් කරලා කටවුට් හදලා දීලා ගොවියන්ව පාරට බස්සලා ජේවීපී කොම්පැනියත් සජිත් මහත්තයාගෙ කොම්පැනියත් මහා බරපතළ විදියට මේ අපි ගෙනියන වැඩපිළිවෙෙළ කඩාකප්පල් කරන්න හදනවා.

අපි වැව් බැඳි රාජ්‍යය අපේ රටට අත්කරලා දීලා තියෙනවා. ඉතිං මං හිතන්නෙ ජනාධිපතිතුමා මහා දැවැන්ත පියවරක් ගත්තෙ, මං හිතන්නෙ මේ ආත්මයේදී කරපු ලොකුම පින තමයි මම විශ්වාස කරන විදියට. මොකද හේතුව මම වගකීමෙන් කියනවා අද වෙනකොට බහුතරයක් ගොවියො මේ සම්බන්ධයෙන් තමන්ගේ වැඩකටයුතු දැන් ක්‍රමානුකූලව වචනයේ පරිසමාප්තියෙන්ම සැබෑ ගොවියන් බවට පත්වීගෙන යනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මේ බව පැවසුවේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස