රසායනික පොහොර ඉල්ලා ආණ්ඩුවේ පසුපෙළින් ජනපතිට ලිපියක්…!

October 11, 2021 at 8:00 am | by emanisa.lk

වී ගොවිතැනට, එළවළුවලට සහ අපනයන බෝග වගා සඳහා අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනකුගේ පමණ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යවමින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

වී ගොවීන්, එළවළු ගොවීන් මෙන්ම අපනයන බෝග වගාකරුවන් ද රසායනික පොහොර සහ කෘෂි රසායන නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව එමගින් පෙන්වා දී තිබේ.

ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදීව යළි සිතා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස