රවූෆ් හකීම් සියලු විනාශයන්ට වගකිව යුතුයි…! – රුවන්…

March 1, 2021 at 1:21 pm | by emanisa.lk

එජාපය සහ සමගි ජන බලවේගය නැවත එකතු කළ යුතු බවට දෙපාර්ශ්වයට ම ඉල්ලීම් ලැබෙන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.

ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් තමන්ගේ ද අරමුණ කෙදිනක හෝ මෙම කණ්ඩායම් දෙක එකතු කිරීම බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වුව ද අලියා හෝ පාට වෙනස් කරන්නේ නැතැයි ද එජාප නියෝජ්‍ය නායකයා අවධාරණය කළේ ය.

එජාපය දෙකඩ කිරීමට රවූෆ් හකීම් වගකිව යුතු බවත් අවසානයේ ඔහුගේ මුස්ලිම් කොංග්‍රසයේ පිරිස කඩාගෙන ගොස් 20 වෙනි සංශෝධනයට ඡන්දය ලබා දුන් බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

තිරිකුණාමලය සහ පොළොන්නරුව ප්‍රදේශවල එජාප ජනහමු අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *