රවී පරාදා රුවන් එජාප නියෝජ්‍ය නායකත්වයට!

September 14, 2020 at 6:51 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත්ව තිබේ.

ඔහු එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සමීපත ම ඥාතියෙකු වන අතර ඥාතී මස්සිනාය.

පක්ෂයේ නියෝජ්ය නායක ධුරය සඳහා රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන යන නම් යෝජනා වූ අතර එහිදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ජන්දයක් පැවැත්වීමට සිදු විය.

මෙම රහස් ඡන්දයෙන් රුවන් විජේවර්ධනට ජය අත්නර ගත්තේ රවී කරුණානායක හිටපු එජාප උප නායකයා ඡන්ද 28ට 10ක් ලෙස වැඩි ඡන්ද 18කිනි.

2021 වසරේ පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්ව තරුණ නායකයකු වෙත පවරන බව රනිල් මෙයට පෙර පවසා තිබිණි. මෙම ජයග්‍රහණයෙන් පසු එජාප නියෝජ්‍ය නායක රුවන් සඳහන් කළේ එජාප නායකත්වයට තමා ඉදිරිපත් වන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස