රවී ගියොත් ගිය තැන ඉවරයි! තුර්කි විදුලි නැවෙන් රටට කෝටි 18 000ක පාඩුවක්! (video)

May 10, 2019 at 10:29 am | by admin

ඇමති රවී කරුණානායක කැබිනට් මණ්ඩලය ද නොමඟ යවමින් සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියට පරිබාහිරව තුර්කි නැවෙන් හදිසි විදුලිය මිල දී ගැනීම නිසා රටට කෝටි 18 000ක පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසයි.

කැබිනට් පත්‍රිකාවේ විදුලි ඒකකයක් රු. 26කට ලබා ගන්නා බව සඳහන් කළ ද ඒ සඳහා හොර රහසේම ලබා දී ඇති බදු සහන සලකා බැලූ විට විදුලි ඒකකයක් රු. 40ක් වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එසේම මෙගාවොට් 400ක විදුලි බලයක් නිපදවන බව පැවසුව ද එහි ධාරිතාව මෙගාවොට් 372ක් පමණක් බවත් ඉතිරි මෙගාවොට් 28 සඳහා ද මහජන මුදල් ගෙවන බවත් ඔහු හෙළිදරව් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *