රවී ඇතුළු පිරිස වෙනුවෙන් වැලිකඩ බැඳුම්කර වාට්ටුවක්!

March 15, 2020 at 11:02 am | by emanisa.lk

කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ වෙනම බැඳුම්කර සිරමැදිරියක් ඉදිකරන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින 11 දෙනා අතරින් දැනට රිමාන්ඩ් භාරයේ සිටින එක් සැකකරුවකු දැනට මැගසින් බන්ධනාගාරයේ “ඩී” වාට්ටුවේ රඳවා සිටින අතර එහි පැමිණීමට නියමිත හිටපු ඇමැති රවි කරුණානායක ඇතුළු සෙසු සැකකරුවන්ට (සී) සිර වාට්ටුව වෙන්කර ඇතැයිද පැවසේ.

ඒ අනුව, මෙම සිර වාට්ටුව ලහි ලහියේ විශේෂ අලුත්වැඩියාවකට ලක්කරන බවද එහි රඳවා සිටි රුඳවියන් 30 දෙනෙකු පමණ වෙනත් වාට්ටුවලට මාරුකර යවා ඇති බවද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස