රවී අර්ජුන් ඇතුළු පිරිස දිනකට පසු කොටුව අධිකරණයට භාරවෙයි!

March 13, 2020 at 4:48 pm | by emanisa.lk

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පෙක්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් ඇතුළු පස් දෙනකු මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.

මහබැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධ සැකකරුවන් ලෙස වරෙන්තු ලබා සිටින සැකකරුවන්ට අද සවස 4 ට කොටුව අධිකරණයට පැමිණෙන්නැයි අභියාචනාධිකරණයෙන් අද උදෑසන නියෝග කෙරිණි.

ඒ අනුව, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂිස්, එහි හිමිකරු ජෙෆ්රි ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන, චිත්ත රංජන් හුළුගල්ල යන පිරිස මේ වන විට නීතීඥයින් සමග අධිකරණයට පැමිණ සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස