රවිගේ LNG ටෙන්ඩර් මගඩිය හොයන්න රවීද ඇතුළත් කමිටුවක් පත් කරයි!

February 26, 2019 at 5:58 pm | by admin

කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ටෙන්ඩර් පටිපාටියේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය අනු කමිටුවක් පත්කර තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම කමිටු පත්කර තිබේ. එම කමිටු දෙකේ වාර්තා සතියකින් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

මෙම ටෙන්ඩර් පටිපටිය සොයා බැලීම පිළිබඳව අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, මලික් සමරවික්‍රම, රවී කරුණානායක සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් නම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *