රබර් වෙනුවට කටුපොල් වවල.. රබර් රටින් ගෙනැල්ල..! යහපාලන කාලේ රබර් ආනයන වියදම රු. කෝටි 18 000යි…!

March 7, 2021 at 7:59 am | by emanisa.lk

පසුගිය රජය සමයේ දී රබර් කිලෝග්‍රෑම් අසූ දෙකෝටි හැත්ත තුන් ලක්ෂයක් පමණ ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි දහ අට දහස් එකසිය හතළිස් හතරක මුදලක් වැය කර තිබේ.

පැවැති රජය සමයේ වැඩි ම ප්‍රමාණයක් රබර් ආනයනය කර ඇත්තේ 2016 වසරේ දී ය. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් දහනව කෝටි හයසිය හැත්තෑ හතර ලක්ෂ නවසිය හැත්තෑ අටකි. එසේ ම අඩුම රබර් ආනයනයක් සිදුව ඇත්තේ 2019 වසරේ දී වන අතර එම ප්‍රමාණය කිලෝ දොළොස් කෝටි හාරසිය හැට අට ලක්ෂ හාරදාස් එකසිය අසූ එකකි.

මෙම ආනයනික රබර් ප්‍රමාණය රටවල් පනස් හයක් ඔස්සේ සමාගම් හත්සීයකට ආසන්න ප්‍රමාණයකින් මෙරටට ආනයනය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published.