රනිල් 40%ක් දිනූ ඇල්පිටියෙන් සජිත්ට 24%යි! එජාප ඡන්ද පදනම 16%කින් නාය යයි!

October 12, 2019 at 7:31 am | by emanisa.lk

ඊයේ (11) පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට දරුණු පසුබෑමකට ලක්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස විසින් නායකත්වය දෙමින් මෙහෙයවන ලද ඇල්පිටියෙ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එජාපය විසින් ලබාගන්නා ලද්දේ 24% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

නමුත් 2015 මහ මැතිවරණයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එම මැතිවරණ කොට්ඨාසය 40.8% ඉහළ ප්‍රතිශතයක් වාර්තා කර ඇත.

එනම් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්‍ෂක වීමෙන් පසු එජාපය ඇල්පිටියෙන් පමණක් 16%ක ඡන්ද ප‍්‍රමාණයක් අහිමි කරගෙන ඇත.

එසේම 2011 වසරේ රජ්‍ය බලය නොමැතිව රනිල් වික්‍රමසිංහ යටතේ පළාත් පාලන මැතිවරණයේ දී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් එජාපයට 30%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇති අතර එම ප්‍රමාණය මෙවර උපරිම රාජ්‍ය බලය යොදවා රැකියා ඉඩම් වන්දනා ගමන් ආදී දේශපාලන අල්ලස් ලබා දෙන පසුබිමක 6%කින් පහළ වැටී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස