රනිල් ළඟට ගියා ම තාත්තා ළඟට ගියා වගේ…! ආයේ නම් අලියා දාලා යන්නෑ…! – හරීන්…

September 6, 2022 at 7:52 pm | by emanisa.lk

තාත්තා සමග තරහ වී ගෙදරින් ගිය පුතාට නැවත තාත්තා ළඟට පැමිණි විට දැනෙන හැඟීමක් තමන්ට දැනුණු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ එජාප 76 වන සංවත්සරයට සහභාගී වෙමිනි.

නැවත සජබයට නොයන බවත් අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාසට ද නැවත එජාපයට එකතු වන්නට ඉඩ ලබා දිය හැකි බවයි, හරීන් ප්‍රනාන්දු අවධාරණය කළේ.

තීණ්දුවක් ගත නොහැකි ආසයි බයයි දේශපාලනයෙන් පලක් නොමැති බවත් තනි ආසනයක් තිබූ රනිල් වික්‍රමසිංහ මාසයක් ඇතුළත ආසන 134ක කැමැත්ත දිනා ගනිමින් රටේ ජනාධිපති ධූරයට පත් වූ බවත් ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *