පොදුජන පෙරමුණ මේ රටට විශාල විනාශයක් කළ බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.
කෙසේ වුව ද මේ වන විට පොහොට්ටුව තුනට කැඩී ගොස් ඇති බවයි, ඔහු පෙන්වා දුන්නේ.
කොටසක් නාමල් රාජපක්ෂ සමග ද කොටසක් රනිල් වික්‍රමසිංහ සමග ද තවත් කොටසක් සජිත් ප්‍රේමදාස සමග ද සිටින බව අනුර දිසානායක ප්‍රකාශ කරයි.
2019 මහ මැතිවරණය අවස්ථාවේ රනිල් හිරේ දාන තුරු නින්ද නොයන බව කී මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල්ගේ ඔඩොක්කුවේ නිදි යැයි ද හෙතෙම කීය.
අනුර දිසානායක මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජන හමුවක් අමතමිනි.