රනිල් හැදුවේ මම ජනාධිපති කරලා හොරාකමින් රට පාවදෙන්න! – ජනපති

September 23, 2019 at 8:52 am | by emanisa.lk

පොළොන්නරුවේ තමා ජනාධිපති ධුරයට පත්කර තමන්ට උවමනා ආකාරයට හොරකම් දූෂණ වංචා කරමින් රට පාවා දීමට රනිල් වික්‍රමසිංහලා සැලසුම් කළත් තමා ඊට එරෙහි වූ බවත් එජාප ජනපති ගැටුම හට ගත්තේ ඒ නිසා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

2015 ජනාධිපතිවරණයේ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කර තමා ජයග්‍රහණය කළ බවත් 2015 අගෝස්තු මහා මැතිවරණය අවස්ථාවේ තමා මධ්‍යස්ථව සිටි විට අනෙක් දෙපාර්ශවයම පරාජයට පත් වූ බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීන්දු කරන්නේ ද ශ්‍රීලනිපය යැයි අවධාරණය කළේය.

ශ්‍රීලනිප පාක්ෂිකයන් 98%ක් පොහොට්ටුවට ගියත් ජනාධිතිවරණ ජයග්‍රහණය තීන්දු කරන්නේ ශ්‍රීලනිපයේ ඉතිරි 2% යැයි ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රීලනිප මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඊයේ (22) ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස