රනිල් හැකි නම් බහුතරය පෙන්වනු…! ඇමැතිකම් ගන්න අපි සූදානම් නෑ…! – සජබ….

May 13, 2022 at 12:57 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර ගැනීමට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු කටයුතු නොකරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

කොළඹදී අද(13) මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව අවධාරණය කළේ ය.

රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවත් හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස අභියෝග කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

රටේ ගැටලු විසඳීම කෙසේ වෙතත් තම ජනාධිපති ධුරය සහ සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරයේ පිරිනැමූ බව ද හෙතෙම පැවසීය.

සාමකාමී විරෝධතාකරුවන්, රටේ පොදු මහජනතාව, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ඉල්ලීම්වලට පයින් ගසා ව්‍යවස්ථාවෙන් සහ සම්ප්‍රදායෙන් පරිබාහිරව පත් කර ඇති මෙම තනතුරට සමගි ජන බලවේගය සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරන බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *