සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළහොත් එම ආණ්ඩුව තව වසර 10කට හෙළවිය නොහැකි බව රනිල් වික්‍රමසිංහ දන්නා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.
එපමණක් නොව අනුර දිසානායක ජයග්‍රහණය කළහොත් ඔහුට මාස 10ක් රට කරවිය නොහැකිය යන පරම සත්‍යය ද රනිල් දන්නා බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එහෙයින් රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ සජිත් පරදා අනුර දිනවා ගෝඨාභය රාජපක්ෂගේ මෙන් කොටේ ඇදීමට බව ද නලීන් බණ්ඩාර ප්‍රකාශ කරයි.
සමහරු දීලා බලමු යැයි කීව ද අනුර දිසානායක යනු වහ කුප්පියක් බවත් දීලා බැලීම පැත්තකින් තබා වහාම විනාශ කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
නුවරඑළිය තලවකැළේ ප්‍ර දේශයේ පැවැති ජන හමුවකට එකතු වෙමින් නලීන් බණ්ඩාර මේ බව කීය.